Thursday, August 26, 2010

දිවි මංසල කුමක් සඳහාද?

ජීවිතය හරිම අමරුයි...වෙලාවකට ඔබට හිතිලා ඇති.ඔව්...මටත් එහෙම හිතුන වෙලාවල් තියෙනවා.ඒත් ජීවිතයේ අපි නොදැක්ක ලස්සනකුත් වටිනාකමකුත් තියෙනවා.හිතන්න ඔබ ජයග්‍රහණයක් ලබපු වෙලාවක්..අමරුවෙන් පාඩම් කරලා විභාගයක් සමත් වුනාම...ඒ තරම් දුර යන්න ඕනෙත් නෑ උදේ දුවල ගිහින් බස් එක වෙලාවට අල්ලගත්තාම...සිතට කොයිතරම්නම් සතුටුද?නමුත් තියෙන ප්‍රශ්නය අපි ඇත්තටම ඒ සතුට විඳිනවද කියන එකයි.අපි අපේ ඊලඟ අරමුණ ගැන හිතල ඒ පසුපස දුවනවා මිසක් ගිමන් හරින්න...සතුටු වෙන්න හිතන්නේ නෑ නේද?ජීවිතය තියෙන්නෙ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි.අපි ජීවිතය බුද්ධිමත්ව විඳිමු...ලෝකයේ නවමු මං පෙත් සොයා යමු...

ඉතිං ජීවිතය විඳින්න දිවිමංසලට ගොඩවෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා... 

ආයුබෝ වේවා ඔබ සැමට!!!

ඕං ඉතිං මං බ්ලොග් අවකාශයේ නිදහසේ සැරිසරන්නයි මේ සූදානම...ඉස්සෙල්ලාම මේ බ්ලොග්කරු ගැන වචන කීපයක් කියල ඉන්නම්...
(සාමන්‍යයෙන් ලංකාවේ සිරිත නම් තමන් ගැන නොකියා අනුන් ගැන ඇසීමයි )

බ්ලොග්කරු තමාගේ රටට පින් සිද්ධ වෙන්න මහන්සියෙන් ඉගෙනගෙන දැන් තම සරසවි දිවියේ අවසන් දවස් කිහිපය ගත කරමින් ඉන්න තරුණයෙක්.විද්‍යාව ගැන ඇල්මක් තියෙන(තමා උගත් දේ බැවින්) නමුත් සෑම දෙයම සීමිත වූ බටහිර විද්‍යාවෙන් පමණක් වටහාගත නොහැකියයි සිතන විවෘත මනසක් තියෙන ජීවියෙක්...